බර ඔසවද්දී ආමේනියා ක්‍රීඩකයාගේ වැලමිට පැනලා



 

බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර පැවැත්වෙන බර ඉසිලීමේ ඉසවුවේදී ආමේනියානු බර ඉසිලීමේ ක්‍රීඩක ඇන්ඞ්රැනික් කරපෙත්යන්ට අකරතැබ්බක් සිදුවිය. 


ඒ, අවසන් වටයේදී කිලෝ ග්‍රෑම් 195 ක බරක් ඔසවද්දී, ඔහුගේ එක් වැලමිටක අස්ථි පැනීමකට ලක්වී අත ඇඹැරී යෑමෙනි. 
නරඹන්නත් තැති ගෙන බලා සිටිද්දී, ඇන්ඞ්රැනික් වේදනාවෙන් කෑ ගැසූ අතර, වෛද්‍ය ආධාරකරුවන් වහා ඔහු වට කර ගනිමින් ප්‍රථමාධාර ලබා දුන්නේය. 


20 හැවිරිදි බර ඉසිලීමේ ශූරයකු වන ඇන්ඞ්රැනික් කරපෙත්යන් පසුව රෝහල් ගත කෙරුණු අතර ඔහු සැත්කමකට භාජනය කළේ යැයි ද වාර්තා විය.


මෙවර ඔලිම්පික් උලෙළේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනතුරු රැසක් සිදුවිය. පසුගිය දා ජිම්නාස්ටික් ක්‍රීඩකයකුගේ  පාදයක් දණිස්සට පහළින් දෙකට බිඳී ගියේය. පා පැදි ක්‍රීඩිකාවක් රන් පදක්කම පෙනි පෙනී ඇද වැටුණු අතර ඇයගේ හිසට බරපතළ තුවාල සිදුවිය.
රියෝ දි ජිනැයිරෝහිදීය (ඬේලිමේල්)


RECOMMEND POSTS